.

.

Sep 29, 2016

නැකත් නැතිව, "නැකත් පති" වෙලා යයිද...? - Without any Mission and Vision



ඉස්සර අපේ පැත්තේ සරම බැනියම අඳින ඉස්කෝල මහත්තයෙක් උන්නේය. අහල පහළ උදවිය අතරේද, ළිඳ ළඟ සංගම් සමාජිකයින් අතරේද, මරණාධාර සමිතියේද, අවමංගල සභාවලද මුල් තැන ලැබුනේ උන්නැහේටය. ඒ කවුරුත් කිව්වේ උන්නැහේ රත්තරන් මනුස්සයාය කියලාය. ඒ අය එහෙම කිව්වාට, උන්නැහේගේ නෝනා මහත්තයාත්, ඉස්කෝලේ උනුත් කිවේ, අයියෝ එයා ඔයාලට හොඳ උනාට අපිට නම් මෙලෝ රහක් නැති කෙනෙක් කියලාය. නෝනා මහත්මයාගේ සමාජ සේවාව දුටු ගමේ වේසා කොල්ලෝ කිව්වේ, වටේ පිටේ සතුටු කලාට ගෙදර එක පිට යනවා නම් ඇති වැඩේ මක්කද කියලාය. 

Sep 28, 2016

ඊයා මේ අර වල් ගෑණූ නේද...? - Lower Class Prostitutes

Photo Credit - http://www.delhievents.com/2009/04/exhibition-painting-prostitute-by-pintu.html
 කසුන් වන් අය වෙනුවෙන් - පින්තූරයේ සිටින්නේ ඉන්දියාවේ වත්මන් අම්භපාලියන්ය

ස්තූතිය -
ඉතා සුළු කලෙකට පෞද්ගලික හේතූන් කීපයක් මත බොග දැමීමට නොහැකිවීමේදි, ඒ ගැන කලබල වූ, බිය වූ, දුකට පත්වූ අය මෙන්ම ප්‍රීතියට පත්වූවන්ටද...පෞදගලිකවද, දුරකථනයෙන්ද, ඇස් ඇම් ඇස් මගින්ද. ඊ මේල් මගින්ද, බුකියෙන්ද, ට්විටර් පනිවිඩ මගින්ද විමසූ සියළු දෙනාටත්. මාතලන් තාවකාලිකව නිහඬ වූවද මාතලන් නාමය අමතක නොවූ සියළුම ප්‍රෝෆයිල් ඇනෝවරුන්ටද පිරිනමමි...

මේ මා ඒ දින කීපයේ බුකියේ කෙටූ හබරල කවි වලින් එකකි.. දිගු ලිපියකින් නැවත හමුවෙමු...



ඊයා මේ අර වල් ගෑණූ නේද...?


ගමටම අල්ලන උපාසිකාවක්
විමසයි විමතියෙන්
කොටුව ඉට්ටේසම ඉදිරිපිට
අම්භපාලිකාවන් දැක..

Sep 4, 2016

ප්‍රසිද්ධ වැසිකිලි හෙවත් Public Toilets


ප්‍රසිද්ධ වැසිකිලිය හෙවත් පබ්ලික් ටොයිලට් එක.

ප්‍රසිද්ධ වැසිකිලියක් ඇත.
ඔයක් මැද,
පච්ච වර්ණයෙන් දිස්වන.
කා බී වැඩි උන,

Aug 31, 2016

හැක් කිරිලි, හුක් කිරිලි හා ෆක් කිරිලි - Hacking, Hooking and Fucking



 ලාමක ටිං ටිං ලා හා බබ හුකුං පොරවල් මේ පොස්ටුව කියවීමෙන් වලකින්න.

ප්‍රබුද්ධයින්ට හා සුප්‍රබුද්ධයින්ට අහිතකර විය හැක.


මේ දවස්වල දේශපාලනේ ලියන්නේ නැත්තේ මොකෝ කියලා, එකම කන් කරච්චලයක්ය. රට හදන්න කලින් ලියන කියන තැන හදාගන්න වෙලා තියෙනවාය. පැරා කියනවා වාගේ ("ගූ ගොඩවල්වලට පයින් ගසා නො ගෙන දේශපාලන මාධ්‍යකරණය කර ගන්න බැහැ. ගූ බෙටිවලට නෙමෙයි ගූ කඳුවලටත් ගහන්න වෙනවා.") බ්ලොග් ලෝකේ ඉන්නා බලු ගූ ගොඩවල්ද විසි කරලා දාන්න ඕනාය. නැත්නම් මේකේ වසන්නට බැරිය.

Aug 29, 2016

Wi-Fi යනු කෛරාටික ඡන්ද පොරොන්දුවකි - Wi-Fi - A Broken Promise


 
- චානුක වත්තේගමයන්ගේ ලිපියකි -  


Free Wi-Fi යනු කෛරාටික ඡන්ද පොරොන්දුවකි. එය පොරොන්දු වූ ආකාරයෙන්ම කරන්ට නොහැකි බව මුල් අවස්ථාවේම හැමදෙනාම දැන සිටියහ. එසේම කවදාවත් ඒ වෙනුවෙන් සතයක්වත් වෙන් නොකෙරිණි. ආණ්ඩුවට අවශ්‍ය වූයේ බජට් එකක් නැතිව ප්‍රොජෙක්ට් එකක් කරන්ටය.

හැම ආණ්ඩුවක්ම මෝඩය. යහපාලන ආණ්ඩුව සුවිශේෂයෙන් මෝඩය.