.

.

Aug 6, 2017

චීනා නැවත පැමිණීම රටේ වාසනාවකි - I - Welcome China - I




චීනා නැවත් පැමිණීම ලෙස මෙය හැඳින් වූයේ, මරි මෝඩ යහපාලන හිවළුන්, මහින්ද ගෙන ආ චීනුන් එලවා දැමූ අතර, රටේ වාසනාවකට කෙසේ හෝ ඔවුන් නැවත පැමිණ ඇති හෙයිනි. (එමෙන්ම ඈත අතිතයේ සිටම චීනය හා ලංකාව අතර සබඳතා ඇති බවට ඉතිහාසයේ කරුණු ඕනෑ තරම් ඇති අතර ෆා හියන් ගේ සටහන් හා යාපහුවේ නිර්මාණයන් ඒවාට ඇති උදාහරණයන්ය. කොහොමත් චීනයටත් වඩා අම්මට සිරි ලංකාවේ චයිනීස් රෙස්ටුරන්ට් තිබීමම ඒම සබඳතාවය ගැන ඇති අගනා උදාහරණයන්ය.) මෙය තරමක් දීර්ඝව සාකච්ඡා කළ යුතු මාත්තුරුකාවක් බැවින්, ඔබේ අදහස් සමඟ ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙමි.. මේ එහි පළමු කොටසයි

විජයාගමනය

හින්ගල ජාතියේ මහා ප්‍රෞඩත්වය ලබා දීම සඳහා ජාතියේ පියා ලෙස නම් කොට ඇත්තේ, රජ පවුලක උන් මදාවියෙකි. රටේ ස්වදේශිකය් ස්ත්‍රියක් හා සංවාසයේ යෙදි ඇති වූ පරම්පරාව වැද්දන් ලෙස හංවඩු ගසා කැළෑවට දක්කා, කොන් කොට ඇති අතර,. පව් සමා කර ගැනීමට මෙන් ජීවීතයේ එක වරක් හෝ වන්නිලෑත්තන් බැලීමට යාම, දඹදිව යාම මෙන්ම චාරිත්තරයක් බවටද පත් කොට ගෙන ඇත්තේය.

ඉන්දියවෙන්ම ඉම්පෝට් කළ රජ බඩුවකගෙන් ජාතිය පැවතෙන්නේ යැයි හාන්දුරුවරුන්ගේ ස්වයං වින්දනය සඳහා ලියූ ඉතිහාස පත පොතේ සඳහන්ය. විජයගේ පරම්පරාව පැවතෙන්නේ සිංහයෙක්ගෙන් බවත්, සිංහයා යනු අමුම අමු කම්මැලි සත්වයකු බවත්, ඒම සත්වයා කොඩියේ දමාගෙන උදම් අනනා ජාතියක්, ඒ වාගෙම කම්මැලි, කුසීත, මිනීමරු සෙට් එකක් බවත් ජාතික කොඩියෙන්ම ලොවට පෙන්වා දෙන අතර, තේජස මදි නිසා, අතට කඩුවක්ද දී ඇත්තේය. එයිටාමතරව ආගම්ද ජාතින්ද එක එක මනස්ගාත හැටහුටාමාරක් පිරි ජාතික කොඩියම, අපි මහා අඤ්ඤකොරොස් ජාතියක් බව ලොවටම කියා පාන්නේය. (අනාගතයේ රතු තීරුවක් එක්වීමටද බොහෝ ඉඩ කඩ ඇත්තේය.)

ආක්‍රමනයකින් පැවත් එන පිරිසක්ම වන බැවින්, මේ ජාතිය පුල් මාවලස් එකේ බලාගෙන සිටින්නේ. ආයෙත් ආක්‍රමනයක් එනකන්ය. (අද දින බය බිරන්තට්ටුවී බලාගෙන සිටින්නේ චීනා හා ළොකු අයියා අපිට අරිනා තෙක්ය.) අතීතයේ මෙන්ම වර්ථමානයේද එවන් ආක්‍රමනයන් බොහෝ පැමිණ, සම හරක්ට කෙල වි, සමහරෙක් ගොඩ ගොස් ඇති අතර, යක්ෂ හා නාග ගෝත්‍රිකයන් මෙන්ම මේ දෙකේම මික්ෂර්ද අද පවා ශේෂවී ඉන්නා බව, පාරට බැස්ස විට, පිකට් කරනා හරකුන්ගෙන් මනාව ඔප්පු වී ඇත්තේය. (පැහැදිලි මදි නම්, ලේ පිපාසාවෙන් පෙලෙනා ජෙප්පන් හා පෙරෙට්ටන් යක්ෂයන් ලෙසද, පත නයි අරිනා විමල් වීරවංශ, උදය සවස ගොම්මන්පිල හා බන්දුල ගුණවර්ධන නාගයන් ලෙසද, දෙකේම මික්ෂර් එකක් ලෙස වාසුදේව නොහොත් පකයා සහෝදරයාද උදාහරණ ලෙස ගන්න.)

මේ පිරිස් හින්ගල භාෂාවට අළුත් අර්ථ කතන ලබා දෙනාතරේ... සොල්දාදුවන් විටෙක රණවිරුවන් ලෙසද, තවත් විටෙක මිණීමරුවන් ලෙසද, වල් අලි වන අලි ලෙසද, පිළිකා රෝහළ වෙනත් රෝහළක් ලෙසද, බදු දීම විකුණාගෙන කෑමක් ලෙසද, රජයේ මුද්‍රණාලයේ ගැසට් කොට නීතී ගත කර, වහළුන්ට හා මී ගවයින්ට කට පාඩම් කරවමින් බ්‍රේස් වොෂ් කිරීමේ නිරතව සිටී.

යක්ෂයන් මිනිසුන් බිය ගන්වනාතරේ, නාගයින් අමු නයි අරිමින් සිටිනවා අදද රෙණ වැනි ජාතිහිතයිසී, දේසප්පෙරේමි, බව් බව්මික නාලිකා දෙස චිත්තපිරිතියෙන් යුතුව බලා සිටීමෙන් ඉතා පැහැදිලි වේ. එමෙන්ම, පක්ෂ විපක්ෂ බේදයකින් තොරව පාළකයින් මෙන්ම ජනතාවද විජේ මෙන්ම අමු මං පහරන්නන් බව, පත්තරයක් අතට ගත්තාම ඕනෑම එකකුට බලා ගන්නට පුළුවන්ය. ඒ කෙසේ වෙතත් හින්ගල නමින් අමුතුම ආකාරයේ ජාතියක් මෙයින් පසු පහළ වන්නේය. 

මහින්දාගමනය 

මහින්දාගමනය කීවාම, මැදමුලනේ ජනෙල් ගැට්ටේ එල්ලි උන් මහින්දගේ පැමිණීම ලෙස වරදවා වටහා ගත යුතු නැති අතර, එය දෙවන මහින්දාගමනය ලෙස පසුවට විස්තරාත්මකව සළකා බලණු ලැබේ. 

මිහිඳු හාන්දුරුවන්ගේ පැමිණීම නිසා මෙරටට ලොව පරසිඳු තාර්කික දහමක පහස ලැබීමට වරම් ලැබුවද, අද එය අමු ගෝත්‍රික වර්ශන් එකකින් පවත්වාගෙන යන තලේබාන් ආගමක් බවට පත් කොට ඇත්තේය. මිහිඳුගේ පැමීණිම සමඟ පැමිනි සිව්සැට කළාවන් තුල ජාතියට (පාලකයින්ට) ශික්ෂණයක් ඇති කළ අතර, එය සීමා වී තිබුනේ රජ පවුල්වල උන්ටම පමණි. මාතලන් සිතනාකාරයට, ඔය අනුරාධපුරයේ පොළොන්නරුවේ ඇති පූජනීය ස්ථාන සියල්ලම, සාමාන්‍ය ජනතාවට කිසි සේත් විවෘත නොවූ, රාජධානී තුල පිහිටා තිබූ, පැවිදිදන්ට හා ප්‍රභ්හූන්ට පමණක්ම සීමා වූ ස්ථානයන්මය. සාමාන්‍ය ජනයාගේ ගෝත්‍රික බව තුරන් කිරීමට මේවා කිසි සේත්ම ඉවහල් නොවන්නට ඇති අතර, ආගම ප්‍රභූ පැලැන්තියට පමණක්ම සීමා වූ දෙයක් වන්නට ඇත. දළඳාව වැඳිම, අද වුවද එසේම වනා බැවින්, ඒ ගැන මහා ළොකු තර්කයන් කිසි සේත් අවශ්‍ය වන්නේ නැත. කෙසේ හෝ අවම වශයෙන් පාලක පන්තිය හෝ ගෝත්‍රික ගති වලින් මිදී, කළා රසයක් හා වින්දනයක් ඇති නිර්මාණාත්මක පිරිසක් බවට පත් වීම මෙයින් සිඳුවනාතර, කුළ ක්‍රමය (බේදය) හා විවිධ ශිල්ප ක්‍රම සාමාන්‍ය ජනතාව අතරට යෑමක් මෙයින් පසු සිඳු වන්නට ඇත. 

එහෙත්, නැවත නැවත සිඳුවන සොළී ආක්‍රමණයන් තුල බෞද්ධාගම, හින්දු ආගම හා මිශ්‍ර වූ අමුතුම ආකාරයේ බිබික්කමක් වනාතර, පන්සල් වල භික්ෂූන්ට අමතරව කපුවන්ද සැරිසරන්නේ, සාමීවරුන්ගේ අඩුව පුරවාලන්ටය. ඉන් පසු හින්ගලුන්ද දෙමළුන්ද මේ දෙකේ මික්ෂර්ද රට පාලනය කරනාතර, පොළොන්නරු යුගයෙන් පසු, මහින්ද රාජපක්ෂගේ කාළයේ මෙන්, ඒ ඒ පලාත් වල පාලනය, ඒ ඒ පලාත්වල අයියලා විසින් ගෙන ගිය, මෙලෝ රහක් නැති රටක් තිබූ බව ඉතිසාසයම අපට කියා දෙයි. 

සුද්දාගමනය

ගල් අරාබීන්ට පමණක් සීමා වී තිබූ ආනයන අපනයන වෙළඳාමට සුද්දාට හොට දැමීමට ලැබෙන්නේ ලොරෙන්සෝ ද අල්මේදා කොලොන්තොටට යහපත් වීම නිසා වෙන්මය. රටේ වාසනාවකට අම්මට සිරි ලංකාව තවත් පකිස්ථානයක්, ඇෆගනිස්තානයක්, මැලේසියාවක්, ඉන්දුනීසියාවක් විම වලකාලනු ලබන්නේ, සුද්දා තම්බින්ට එලව එලවා නෙළු නිසාවෙන්මය. ලොරෙන්සෝගේ සෙට් එක මෙන්ම ලන්දේසියාද බිසිනොස් එකක් කොරගෙන රජ්ජුරුවන්ටත් ආතල් එකක් දීගෙන උන්නද, සුද්දා බැලුවේ කෙසේ හෝ මේ රටම අල්ලා ගන්නටය. එය මේ රටේ සාමාන්‍ය ජනතාව ලැබූ නිදහස වන අතර, නියම ලෙස නම් නිදහස් දිනය සැමරිය යුත්තේ, සුද්දා අප දමා පැනලා ගිය දිනය නොව, උන්ට මේ රට ලියා දුන් දිනයය. 

(යටත් විජිත සමයන් තුන අතරතුර, රජකුගේ අවශ්‍යතාවයක් යලිත් මතුවනාතර, අද මෙන්ම විදෙස් වලින් ලැබෙනා කොමිස් කුට්ටි මගින් සුද්දන් හා සමාන පන්තියක් බිහිවනාතර, උන්ට ලැබෙනා සැප අනෙක් උන්ට ලැබීමේ ඉඩ කඩද අසුරා දමමින්, තම පන්තිය පමණක් ඉස්මතු කර ගැනීමේ ගල් ආඳා ගේම් එකද කරලියට පැමිනෙන්නේ මේ තුලය. එතෙක් පැවතියේ රජුන් හා වහළුන් පමණක් වනාතර. පල්ලිය හා කතෝලික ආගම හේතුවෙන් අළුත් පංති ක්‍රමයකුත් ලංකාවේ අති වන්නට පටන් ගන්නේය. )

සුද්දාට විරුද්ධව ජනතාව ගොනාට අන්දමින් කැරලි ගැසූ කැරළි නායකයින් හා රජවරුන්ගේ පරම්පරාවල උන් අද ට්‍රිනිටි, සැන්තෝමස්, සැන්බ්‍රිජට්, ලේඩිස් කොලේජ් යනාතරේ, උන්ට ඇන්දුන කාළකන්නින් අදටත් පෙරහරේ උඩට අඳින්නේ නැතිව, පන්සල් වල වෙසෙනා පරපුටු පූජකයින්ට වහළුන් ලෙස අදටත් කඹුරන්නේ, ජේවීපී හා පසුගාමි එකේ උන් කැම්පස් හරක් පාරේ දක්කා, තමන්ගේ දරුවන් ඇපිට් (APITT) හා රට රටවල ආතල් ගන්න යවනවා වාගේමය. 

වැඩවසම් යුගය නිමා වී සාමාන්‍ය ජනතාව ලැබූ නිදහස, ඒවා බුක්ති විඳිනා උන්ටවත් නොතේරනාතර. සුද්දාට ගොඩ ගැනීමට නොහැකිවූ, ජේ ආර් පප්පාගේ කාළයේ යමක් කමක් හරි හම්බ කර ගත් වහල් මානසිකත්වයක් ඇති අමු ගෝත්‍රික ළිං මැඩියන් අදටත් කැමත්තක් දක්වන්නේ, පෙර මෙන් වැඩවසම් යුගයක් තුල ජීවත් වීමටය. උන් හිතන්නේ ලෝකය තියෙන්නේ ලංකාවේ කියලාය. එහෙත් ලෝකයේ උන් තබා ඉන්දියාවේ උන්වත්, ලංකාව කියන්නේ මොකක්ද?, තිබෙන්නේ කොහෙද..? වත් නොදන්නා බව ලෝක සත්‍යයය. අපේ උන් වැද්දන්ට සලකනාකාරයට, අපේ ගෝත්‍රික කිටි ඇඳගෙන යන මහින්දලා සිරිසේනලා දැක්කාම සුද්දන්ද සලකන්නේ, අප වැද්දන් දැක ගන්නා ආතල් එක වාගේමය. මෙරටට එන සුද්දන් ඇත්තටම සිතා සිටින්නේ ඒ ආකාරයටය. 

හිතට එකඟව කල්පනා කොරලා බැලුවොත්, මේ රටේ අප අද භුක්ති විඳිනා මූලික මිනිස් අයිතිවාසිකම් සියල්ල අපට ලැබුනේ සුද්දාට පින් සිඳු වන්නටය. (මේ රටේ එතෙක් මෙතෙක් බිහි වූ හොඳම කොමිසම සෝල්බරි කොමිසම මිස ජල්බරි බැඳුම්කර කොමිසම නම් නොවේ.) අද පවතින වියවස්තාව තුලවත් මේ මූලීක මිනිස් අයිතිවාසිකම් වියවස්තාවෙන් පිලි අරගෙන නැත. සමහර විට උන් ඉන්දියාවෙන් යන කොට අපවද දමා නොගියා නම්, අම්මට සිරි ලංකාව අද එකම විගඩමක් නොවී, සිලෝන් නමින් ලොව අංක එකේ ආර්ථික මර්මස්ථානයක් වන බවට මෙන්න කැට.

සුද්දාගෙන් අප ලද සියල්ල අපට අහිමි කළේ, සෙවල බන්ඩා නමින් පරසිද්ද, උන්ගේම ගෝත්‍රිකයෙක් අතින් මැරුම් කෑ කාළකන්නියෙකි. රට දියුණු කරමින් සිටි පිරිසට එදිරිව ගෝත්‍රිකයින් හා එක් වූ මොහු, බලය ලබා ගැනීම සඳහා පෞද්ගලික ආයතන සියල්ල ජනසතු කළ අතර, මෙරට ඉතිරිව උන් සුද්දන් මෙන්ම බුද්ධිමත් දෙමළුන්ද රටින් පලවා හැර, 56 පුත්තු නමින් එලොවටත් නැති මෙලොවටත් නැති කාළකන්නින් පිරිසක් කරලියට ගෙන එන ලදි. 

බලයට ගෙන ආ උන්ටම එපා වී එම කාළකන්නියා මෙලොවින් තුරන් කළ අතර, උන්දැගේ වාහේ, වමේ හරක් රැලක් හා එක්ව, මේ රට ලෝකයෙන් හුදකලා කොට ජනරජක් බවට පත් කල අතර, ගෝත්‍රිකත්වය ව්‍යවස්ථාවටද ඇතුල් කරමින්, ආගමක් රකිනා ගොබ්බ ව්‍යවස්ථාවක් ගෙන එමින් ගෝත්‍රිකත්වයේ උපරිමයට ගමන් කලේය. සමාජ වදය නම් සියල්ලන්ම හිඟන්නන් කිරීමේ මහා දර්ශණය හඳුන්වා දෙමින්, මිරිස් නැතිව හොදි කන, සීනී නැතිව තේ බොන, කෑම සොයා කුණූ කූඩා අවුස්සන, ගවුම ඇන්දාම පූසා පෙනන, සරම ඇන්දාම ඇට දෙක පෙනන, අති සෙරේෂ්ඨ හිඟන ජනතාවක් ලොවට හඳුන්වා දුන්නේය. 

ඉතිරිය පසුවට....

73 comments:

  1. ආසිරි රෝහලේ දත් ජොස්තර ‘කුමාරයා‘ තරුණියකගේ දත් බලන ගමන් ලිංගික අතවර කරලා

    (ලංකා ඊ නිව්ස් -2017.අගෝ.04, පෙ.ව‍‍‍‍‍.8.15) කොළඹ ප්‍රකට පුද්ගලික රෝහලක් වන ආසිරි පුද්ගලික රෝහලෙන් දන්ත ප්‍රතිකාර ලබා ගැනීමට ගිය තරුණියකට දන්ත ප්‍රතිකාර කරන අතරතුරදී දත් ජොස්තරයා විසින් ඇයගේ ශරීරය නොමනා ලෙස අත පත ගාමින් ලිංගික අතවරයක් කළා යැයි බලධාරීන් වෙත පැමිණිලි කර තිබේ.

    මෙම පාහර ක්‍රියාව කරන ලද දත් ජොස්තරයා නමින් කුමාර කළුආරච්චි නමැත්තෙකි. (සේයාරුවේ දැක්වේ) අතවරයට පත් තරුණියගේ ඥාතිවරියක වන ප්‍රියන්ති ජයසිංහ මහත්මිය විසින් ආසිරි පුද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. (එම පැමිණිල්ලේ පිටපතක් ලංකා ඊ නිව්ස් වෙත එවා ඇති අතර එය මෙහි දැක්වේ.)

    මීට ඉහතදීද දන්ත වෛද්‍ය කුමාර කළුආරච්චි විසින් තරුණ රෝගී කාන්තාවන්ට විවිධ අතවර සිදු කොට තිබෙන බවට වාර්තා වී ඇත​. මෙම පුද්ගලයාගේ නොමනා ක්‍රියා කලාපය නිසා ඔහුගේ වෛවාහික බිරිඳද මොහුව අතහැර දමා විදේශ ගතවී තිබේ.

    ලංකාවේ කෙතරම් වෛද්‍යවරුන්ගේ හිඟයක් පැවැතියද, මෙවැනි පාහර ජොස්තර නීචයන්ගේ වෛද්‍ය බලපත්‍ර අහෝසි කර, මොවුන්ට උගැන්වීමට මහජනතාව විසින් වියදම් කරන ලද බදු මුදල්ද මොවුන්ගෙන් අයකර, වෘත්තියෙන් පන්නා දමා වෛද්‍ය වෘත්තියේ උත්තම භාවය ආරක්ෂා කර ගැනීමට බලධාරීන් කටයුතු කළ යුතුය.

    Lanka E News

    ..


    මාතලන්, මෙවැනි චෝදනා ඇති අයෙකුගේ බ්ලොග් අඩවියක් මාතලන්ගේ සින්ඩියේ තවත් තබාගෙන සිටින්නේ ඇයි? අනික් අයට මඩ ගහන බ්ලොග්කරුවන් බව සදහන් කරමින් ඔබ මිට කලිනුත් ඇතැමුන් සින්ඩියෙන් ඉවත් කර තිබෙනවා නේද? ඉහත කී තැනැත්තාගේ පහත් බ්ලොග් අඩවිය තවත් ඔබගේ සින්ඩියේ තබාගෙන සිටින්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. චෝදනා ඔප්පු වී නැත...

      Delete
    2. කෝ දැන් යහපාලනයේ පොලිසිය ,කොමිසෝන්
      ආසිරි පුද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂකවරයාටද , ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයටද, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද, මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ


      ප්‍රියන්ති ජයසිංහ මහත්මිය ඇයි පොලිසියට පැමිණිල්ලක් දැම්මේ නැත්තේ ඔය පොලිසිවල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ වල පැමිණිල්ලක් දාලා එකේ පැමිණිලි අංකය සහ පොලිස්ස්ථානය කොහෙද

      කෝ මේවට ගත්ත පියවර දොස්තරව ඇරස්ට් කලාද

      පපඩ ෂෝ නේද>>>> බ්ලොග් පොලිස්ඉයන්.... ඇනොගේ XXX ටෞකන්න සිතාගෙන ඇඩ්වාන්ස් සල්ලිගත්ත එකාටවත් බැරිද පැමිණිල්ලක් දාන්න ශ්‍රී ලංකා පොලිසියේ

      ඔය ඉයන් කියන කෙනා ලියපුවා හරිද කොමෙන්ට්ස් වලට එව්‍යේනම් කෝපිත් තියනවා වෙලාව එක්ක බොරුයි කියලා කියන්න බෑ

      මාතලන් ඔබ හරි එය ඔප්පු කර පෙන්වන්න කියන්න අපිට පිලි ගන්න ආකාරයට එවිට කාටත් තීරණයක් ගන්න පුළුවන්

      ප්‍රියන්ති ජයසිංහ මහත්මිය ඇයි පොලිසියට පැමිණිල්ලක් දැම්මේ නැත්තේ ඔය පොලිසිවල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ වල පැමිණිල්ලක් දාලා එකේ පැමිණිලි අංකය සහ පොලිස්ස්ථානය කොහෙද

      අංකය බැරිනම් පැමිණිල්ල දාපු පොලිස් ස්ථානය හෝ 119 අංකය හෝ දන් වන්න

      ඉයන් වරිතය ගැන වගකිවයුතෝ බල කියා ගනීවි

      Delete
    3. ඇත්තද බං ආසිරි එකේ නර්ස් ළමයි මේ කුපාඩියට අතවරආරච්චි කියල නමක් දාලා කියන්නේ?

      Delete
    4. කොබන් එහෙම කියනඔය නර්ස් ළමයි එකෙක්වත් පොලිසියකට කියන්නේ නැත්තේ උඹලගේ යහපාලනය නිසාද ඔය පොලිසිවල පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ වලඉන්න එවුන් ඕවා හොයාගෙන යන්නේ අඩුම ගැනේ උඹත් එක්ක පලන්කෝ ඔය නර්ස් කෙනෙක්ව පොලිසියකට
      මේවගේ ඇත්ත දැනගන්න

      Delete
    5. අතවරආරච්චියා දැන් කොමෙන්ටුත් වහගෙන හැංගිලා. හිකිස්‌. ආන්න එළකිරි එකේ ත්‍රෙඩ් එකක් යනවා කොමෙන්ට් 100 පැනලා, අතවරආරච්චිගේ ෆොටෝස් ටෙලිෆෝන් නම්බර් එක්කම. එතනටත් වරෙන් ආතල් එකක් දෙන්න.

      Delete
    6. මාතලන් කිසිවකුටත් පෞද්ගලිකව මඩ ගසන්නේ නැත.

      Delete
    7. මටනම් කියන්න ඇත්තේ http://lankaenews.com/ කියන්නේ කුලියට කහින සල්ලි දෙනවනම් ඕනෑම කෙනෙකුට අපහස කරන ජනමාද්යක් ලෙස හදුන්වන්න බැරි පාහර වෙබ් අඩවියක්. මේවා රටේ පිළිගත් මාද්යක පලවන තෙක් අපි කලබල වියයුතු නෑ, එහෙම පලඋනත් මම පුදුම වෙන්නේ නෑ මොකද සරසා ලොක්ක බලවත් අයට පසුගිය කාලයේ පහර ගහපුවහම ඔවුන්ට මෙවැනි චෝදනා විදින්න වෙනවා.

      ඔබට මතක ඇති චන්ද්‍රිකා පත්කලා ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතන කොමිසම මතකද මෙහිදී කාන්තාවක් ගේනවා රෝහිනී හැතුරුසිංහ කියල, ඇත්තටම මේ ගෑනි ගණිකාවක්, ඇයව චන්ද්‍රිකා ගෙනෙන්නේ දේසපාලන වාසි ගන්න, මේ කොමිසම මඩ කොමිසමක් බව දැන දැන මිට තිස්ස බණ්ඩාරනායක කියන විනිසුරු වරයා තමයි බොරු චෝදනා කිරීමට යොදාගත්තේ http://www.sundaytimes.lk/980104/mudli.html

      අන්තිමට කල කම් පළදුන්නේ රෝහිනී හැතුරුසිංහ තිස්ස බණ්ඩාරනායක විනිසුරු අතින් දුෂණය වී දරුවෙකු ලැබීමට සිටි බව කියවීමෙන් අන්තිමට තිස්ස බණ්ඩාරනායකට රට අතහැරලා යන්න උනා

      Delete
    8. # Lankika Sithuwili,

      ඉතිං බං උබෙන් කවුරුත් උබේ මතය ඇහැව්වේ නෑනි. පුක නොදී අනුන්ගේ පලකො අනුන්ගේ කොමෙන්ට් අස්සේ රිංගන්නේ නැතුව.

      Delete
    9. කුමාර අතවරආරච්චිගේ සේවය ආසිරි රෝහල විසින් නවතා දමා ඇති බව දැනගන්නට ලැබෙන වාර්තා සත්‍යද? චැනලින් සේවාවට ඇමතුමක් දී ඈසූ විට ඔවුන් කියා සිටියේ මොහුව චැනල් කිරීමේ පහසුකම නවතා දමා ඇති බවයි.

      ඒ කාරණේ පැත්තකින් තිබ්බත් මේ මනුස්සයාගේ බ්ලොග් එකෙන් අනික් බ්ලොග්කරුවන්ට ගහන මඩ නිසා මාතලන් පියවරක් අරගෙන සින්ඩියේන් එම බ්ලොග් එක ඉවත්කළ යුතුයි. මොකද මාතලන්ගේ සින්ඩියෙන් මිට කලිනුත් කිහිප දෙනෙක්ම ඉවත් කලා. ඔවුන් නම් මේ පුද්ගලයා තරම් අනිකුත් බ්ලොග්කරුවන්ට මඩ ගැසූ අය නෙමෙයි.

      දැන් සිංහල බ්ලොග් බේද බින්න වෙලා, එකිනෙකා සැක කරන්න පටන් අරං බ්ලොග් වලපල්ලට යන්නත් හේතුවක් තමයි එයාගේ බ්ලොග් එකේ අනිකුත් බ්ලොග්කරුවන්ට, ඔවුන්ගේ බිරින්දෑවරුන්ට, දරුවන්ට එරහිව එල්ල කරන මඩ ප්‍රහාර. මාතලන් ඇයි ඔබ පරක්කු?

      Delete
    10. මගේ සින්ඩියේ තිබ්බත් නැතත් කුමාර ගෙන එන දේශපාලන මත නොදිරවන බොහෝ පිරිසක් ඉන්න එක ඇත්ත...

      අනික එතකොට කුමාරට ගහන මඩ... මිනිහෙක්ට ගැහුවාම ඒ මිනිහා නිකා ඉන්නෙ නෑ..

      කුමාර ගැන සඳහන් කරමින් ඔබලාත් කරන්නේ එයම නොවේද...?

      Delete
    11. දේශපාලන නිසා මාතේගේ සින්ඩියෙන් බ්ලොග් අයින් කරන්න කියා කවුරුත් කියා නැත. එසේ නම් මාතලන්ගේ සින්ඩියේ වෙනත් බ්ලොග් අයින් කරන්න කියාත් කිව යුතුය. කවුරුත් එවැනි දෙයක් ඉල්ලා නැත. බ්ලොග්කරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල උදවියට පහත් අන්දමින් මඩ ගසනා බ්ලොග් අඩවියක් මාතේගේ සින්ඩියෙන් අයින් කිරීමට මෙතරම් පරක්කු ඇයි දැයි කියායි අසන්නේ. මාතලන්ට එම බ්ලොග් අඩවියෙන් පහර එල්ල කරන්නේ නැති නිසාද ඔබ තවත් එයට ඉඩලබා දී ඇත්තේ? මාතේට මඩ ප්‍රහාර එල්ල කරොත් විතරද සින්ඩියෙන් අයින් කරන්න සුදුසු?

      අපි කතා කරන්නේ සියලුම බ්ලොග්කරුවන් වෙනුවෙන්. දැන් කී දෙනෙක් මේ පුද්ගලයා නිසා අපහසුතාවයට පත්වෙලා තිබෙනවද? බොහෝ බ්ලොග්කරුවන්ගේ පවුල්වල අයට, බිරින්දෑවරුන්ට, දරුවන්ට එම කුප්‍රකට බ්ලොග් අඩවිය තුලින් එල්ල කරන මඩ නිසා එම බ්ලොග්කරුවන් කී දෙනෙක් කලකිරී තිබෙනවද?

      ඇත්තෙන්ම කිව්වොත් දැන් ඩොක්ටර් රුවන්ගේ බ්ලොග් අඩවිය, වාසිතය, w3lanka, අන්සතුදිනපොත, රසිකලොජි වගේ බ්ලොග් කිහිපයයි අප්ඩේට් වෙන්නෙත්. එයිනුත් ඩොක්ටර් රුවන් වැනි අයට අර කී කුප්‍රකට බ්ලොග්කරු එල්ල කරන අපහාස කොතරම්ද? රුවන්ගේ දේශපාලනයක් නැහැ. කරුණාකර මාතලන් පියවරක් ගන්න. ඔබ සිංහල බ්ලොග් වල ස්වර්ණමය යුගය ගොඩනැගීමට විශාල මෙහෙයක් කල අයෙක්. මෙම බ්ලොග් තව දුරටත් පවත්වාගෙන යාමට කියවන්න යමක් ලියනා බ්ලොග්කරුවන් රැකගත යුතුයි.

      නැතිනම් නිමක් නොමැති මඩ ප්‍රහාර නිසා කලකිරීමට පත්ව ඩොක්ටර් රුවන් වැන්නවුනුත් ෆේස්බුක් වෙතටම ගියෝතින් සින්ඩියෙනුත් ඇති පලක් තිබේද?

      Delete
    12. මඩ ප්‍රහාර එල්ල කිරීම ආරම්බ කළේ කව්ද කියා බ්ලොග් ලියන අය හොඳින්ම දන්නවා... ඔවුන් ඉවත් කර අවසන්... කුමාර මාතලන්ගේ මතවලට ඉඳුරාම පටහැනි මතවල උන්නත්... ඔහුත් මාතලන් මෙන්ම වින්දිතයෙක්...

      Delete
    13. # AnonymousAugust 6, 2017 at 9:16 AM

      මෙහෙමත් මොට්ට ඇනෝ කෙනෙක්. ගූතලන් කාරයා උගේ බ්ලොග්රෝලෙන් අයින් කරන්නේ ඌ ගැන මොකවත් ලියන බ්ලොග් විතරයි. උගේ බක්පියට් කාර් ගැන, මාමන්ඩියාගේ හෑලි ගැන කවුරුත් මොකුත් කිවොත් ඔන්න ඒ බ්ලොග් එක අයින් කරනවා. ඒ ඇරෙන්න අනික් එවුන්ට කොච්චර මඩ ගැහැව්වත් ඌට වැඩක් නෑ. ගූතලන් කියන්නේ මුසිලයෙක්. මොකද ඌව බ්ලොග් ලියන්න හදුන්වලා දුන්නු කකාටත් අරින්න ආවනි.

      අනික මොට්ට ඇනෝ බ්ලොග් රෝලක් කියන්නේ සින්ඩියක් නෙමෙයි. ගූතලන්කාරයා නිකං බ්ලොග්රෝලක් හදාගෙන එකට සින්ඩිය කියලා නම දාගෙන ඉන්නකොට පුකෙනුත් හිනා.

      උබට මිස්ටර් අතවරආරච්චිගේ බ්ලොග් පඩංගුව ගූතලන්ගේ බ්ලොග් රෝලෙන් අයින් කරගන්නම ඔනී නං ක්‍රමයක් තියෙනවා. ඕනි නං කියන්නං. ඒ තමයි අතවරආරච්චිගේ බ්ලොග් එකේ කොමෙන්ට් දාපං ගිහිං, ගූතලන්ගැන. උගේ මාමා ගැන, ටැක්සිඩයිවර් රස්සාව ගැන එහෙම. ඔන්න එහෙම උනාම ඔය ගොනා සුටුස්‌ ගාලා උගේ බ්ලොග් රෝලෙන් අයින් කරන්නේ.

      Delete
    14. කුමාර කළුආරච්චි විසින් ප්‍රතිකාර බලාපොරොත්තුව පැමිණි කාන්තාවන්ට අතවරකල බවට වූ ප්‍රවෘත්තිය පල වීමත් සමගම එක දෙයක් ඉතාම හොදින් නිරීක්ෂණය විය. එනම් කළුආරච්චිගේ බ්ලොග් එකෙහි ඇනෝ කොමෙන්ට් වැටීම සීග්‍රයෙන් පහල යෑම, අනෙකුත් බ්ලොග්කරුවන්ට ඇනෝ ඔස්සේ එල්ල කරන නින්දා මඩ අපහාස කොමෙන්ටු පල නොවීම වැනි දෑය. ඇනෝ කොමෙන්ට් දමා බ්ලොග්කරුවන්ට, ඔවුන්ගේ දරුවන්ට පහත් අන්දමින් මඩ ගැසුවේ කවුදැයි කියා පැහැදිලි නේද දැන්.

      Delete
    15. මාතලන්/ Lankika Sithuwili/ ඉයන්

      ඇත්තටම මරාවාදී කුමාර කළුආරච්චි/අතවරආරච්චි කෙරෙහි මට ඇත්තේ පිළිකුලක් මිස වෛරයක් හෝ ක්‍රෝධයක් නොවේ. මම ඔහුට අනුකම්පා කරමි.

      මේ චෝදනා ඔප්පු වුවහොත් නිසි දඬුවම් ලැබිය යුතු ය. ඩෙන්ටෙකු සම්බන්ධයෙන් මෙවැනි චෝදනාවක් ඇසීම තරමක පුදුමයකි.

      නමුත් මේ බොරු චෝදනා මඩ ප්‍රහාරය නිර්මාණය කළ ඉයන් ලින්තොට/ අජිත් ධර්මකීර්තිලාත් දැන් ඉන්නේ හැංගිලා.

      Delete
    16. AnonymousAugust 6, 2017 at 9:16 AM
      ඇනොට
      ඩොක්ටර් රුවන් වැනි අයට අර කී කුප්‍රකට බ්ලොග්කරු එල්ල කරන අපහාස කොතරම්ද? රුවන්ගේ දේශපාලනයක් නැහැ.....//////

      උඩරට රදල පෙළපත නාමයක් සහිත රුවන් JVP 71 සහ 88/89 කැරලිකරුවන් විකුණගෙන කමින් ලාංකීය පුරවැසි භාවය මුදල් ගෙවා නැවත ලබාගැනීමෙන් පමණක් ,
      ලාංකීය රජකට කිසිදු බදු ගෙවීමක් නොකර ,දේශපාලන ලිපි ලියා ජනතාව අන්දවන්නේ නැතිද එහෙම ඒවා ඇත්තෙම නැද්ද ?

      කලකිරීමට පත්ව ඩොක්ටර් රුවන් වැන්නවුනුත් ෆේස්බුක් වෙතටම ගියෝතින් ....කොච්චර එකක්ද එතකොට දෙබිඩ්ඩෝ නැති ලාංකීය බ්ලොග් ලොවක් !!!!!
      කොච්චර අගේද තමන්ගේ මත පමණක් කිරි ටොයි වගේ හරියටම හරි කියලා හිතාගෙන ඉන්න එවුන්ට ෆේස්බුක් එකේ එහෙ ගියත් ඉන්න බෑ .....ඇට්ටි හැලෙන්න වදිනවා දැන් කොමන්ට් අයින් කරන්න බැනේ එහෙදි අනික ලංකාව් වැඩියෙන්ම යන්නේ බුකියට විතරනේ

      AnonymousAugust 6, 2017 at 9:16 AM ano

      අනේ ඇනෝ ටෝයිය්ක් වගේ ඉඳගෙන බයි ටෝක් දෙන්න එපා උඹලට දොස්තර වුනාට නිකම් paddek ඔය දොස්තර මතල්න්ට පාට එක දැම්මේ හැටි අපි පසු ගිය අවුරුද්ද දැක්කනේ විශේෂයෙන් මනෝ දොස්තර කෙකෙන්ක් වශයෙන්

      මේවා මඩ නොවෙයි අවුරුදු ගානක් බ්ලොග් කියවන එවුන් දන්නවා. නිකම් ඊයේ පෙරේදා බ්ලොග්කියවන්න ඇවිල්ලා බබා හුකුන් දන්නා එපා

      Delete
    17. # AnonymousAugust 7, 2017 at 1:33 AM

      හා මචං !

      Delete
    18. ඉයන් (Ano 7.25 AM)

      "හා මචං හා" කියල හරියන්නෙ නැහැ ඉයන්, ඕකට විරුද්ධව පොලිසියෙ කම්ප්ලේන් එකක් දාල නඩුවක් දාල මේ චෝදනා ඔප්පු කර නිසි දඬුවම් දෙන්න.

      බොරුවට "බල්ලො #කන්නයි අපි ගුටි කන්නයි" කියල බොරු බබා හුකුන් දාන්න එපා. අපි නොදන්න චෙස් ! හික්ස්

      Delete
    19. අතවරආරච්චිව දැන් ආසිරි එකෙන් අයින් කරලද? චැනල් කොම්පැනියට කෝල් කරාමත් කිව්වා අතවරආරච්චිව චැනල් කිරීමේ පහසුකම අත්හිටවලා කියලා.

      Delete
  2. පට්ට...... ලෙසටම කෙලලා ඇත.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ලිව්වා... එච්චරයි :)

      Delete
  3. 56 පුත්තු නමින් එලොවටත් නැති මෙලොවටත් නැති කාළකන්නින් පිරිසක් කරලියට ගෙන එන ලදි. ////////////// sahathika athha

    ReplyDelete
    Replies
    1. මුන් තමයි අදටත් මේ රටේ කරුමය වෙලා තියෙන්නේ

      Delete
  4. අරාබියෝ කළේ එක්ස්පෝර්ට් බිස්නස් එකක්නේ,එහෙන් මෙහාට ගෙනල්ල තියෙන්නේ සෙන්ට් වර්ග විතරක්දෝ කොහෙද, ඒකාලෙත් ඉම්පෝර්ට් බිස්නස් එකේ හිටියේ චීන්නු. රජගොල්ලෝ එක්ස්පෝර්ට් ටැක්ස් ගහල ගත්ත සල්ලි වලින් චීන්නු ගෙනාව බදු ගත්ත, ජහමනය බිස්නේස් එකේ හිටියනම් ඒ මුට්ට කරගහන්න විතරක් වෙන්ට ඕන.

    සිංහයාගේ මුණුපුර ඉබාගාතේ ආව කීවට, ඒකාලෙ පළාතටම තිබ්බ වටිනාම බිස්නස් එක වෙච්ච මුතු සෙන්ටර් එකටයි ගොඩ බැහැල තියෙන්නේ, ගොඩ බැහැල නොබෝ කාලයකින්ම රේජිස්ටර් නම්බර් නැති කුවෙනිව එලෝලා දකුණු ඉන්දියාවෙන් සෙටිෆිකෙට් තියන ඉටිකිරිස් බාරියාවක් ගොඩ බාගන්න අලි කියකදෝ බරට මුතු එහාට පැටෙව්වාලු,ඒ මදිවට අප්පොච්චිගේ රටටත් අලිබරටම කිරල මුතු යැව්වා කියල අර පොතේම තියනවා කියල අහල තියනවා, ඊට පස්සේ එහෙන් වැඩේ හොඳට මැනේජ් කරන්න දන්නා කුමාරයෙකුත් මෙහාට එව්වාලු.එහෙමනං ඉතිං දාමරික වැඩ නිසා මවුරටින් එලොපුවම ඉබාගාතේ ආව කතාව බයිලයක්නේ, එයත් ඇවිල්ලා ඔය දේශීය සම්පත් ගෙනියන්න ආව කෙනෙක්ම තමා.

    ReplyDelete
    Replies
    1. පොතේ නොලිවට අශෝකටත් මුතු යවන්න ඇතිනේ, හිතවත්කමට.

      Delete
    2. මුතු නෙමෙයි කෑලිත් ගණු දෙණු වෙලා තියෙනවා... එදා වගේම අදත්... පර්ෂියන් කෑලී චයිනීස් කෑලී එන කොට රජතුමා උනත් කොර වෙලා යන්න ඇති අප්පා... ඇයි ඉන්දියන් කෑලී...

      Delete
  5. මේ වියමන එක් පැත්තක් උස්සන්නේ නැතුව, එක පාටක කන්නාඩියක් නොදාගෙන ලියන්න මාතාට බැරුව නෙවෙයි..අප රට (ජාතිය නෙවෙයි, වරද්දගන්න එපා) වසාගෙන තියෙන කාළකණ්නි කම මාතාගෙ අධ්‍යාත්මයත් වසාගෙන සිටීමමයි මෙවැන්නක් මේ ආකාරයෙන් ලියවෙන්නේ...
    මොනා කරන්නද...කැපුවත් කොළ පාට ලේ ගලනව කියල හිතාගෙන ජීව්ත්වීමම කරුමයක් වීම ව්‍යාධියක් බැව් නොතේරෙනකොට...!

    ReplyDelete
    Replies
    1. කැපුවත් නිල් පාට ලේ තියෙන කෙන්කුට එහෙම හිතෙන එක වරදක් නෑ.. චෙෆාකී හොඳටම දන්නවා මාතලන් ඉන්න මතය මොකක්ද...?, මාතලන් ජනපතිවරනයේදී දුන්නේ කාටද...?, හේතුව කුමක්ද...?,මහ මැතිවරණයේදී දුන්නේ කාටද...?, හේතුව කුමක්ද...?, මාතලන් ඉදිරියේදි දෙන්නේ කාටද...? කියන වග...

      ඝෝඨා ආවත් මහින්දට ආයේ එන්න බෑ ළොකු අයියේ.. දුක තමයි... ඒත් ඇත්ත ඒකයි...

      Delete
    2. නෑ මාතේ ඒක නෙවෙයි මම කිව්වේ...මේක මේ වෙලාවෙ කතාබහ කලයුතු මාතෘකාවක් සහ අගේට ලියන්න පටන්ගත්ත පෝස්ට් එකක්..අනික උඹ පැත්තකට විතරක් ලියන එකෙකුත් නෙවෙයි...මම කියන්නේ මේක සීරිස් එකක් නිසා, ඊලඟ පෝස්ට් ලිටනකොට, මැද ඉඳගෙන, ඒ කියන්නේ උඹ සාමාන්‍යෙන් ඉන්න තැන ඉඳගෙන, ඒ ඈන්ග්ල් එකෙන් ලියපං කියලයි...මම කලර් බලයින්ඩ්නේ බොස්..ඉතින් නිල කොල රතු තුනම එකයි ....රහ නං...:)

      Delete
    3. උඹ කලර් බ්ලයින්ඩ්... මම හිතන්නේ මම ෆොන්ට් බයින්ඩ්...

      Delete
    4. චෙෆා උඹ මාව දන්නෙ නෑ මම උඹ ගැන දන්නව කොච්චි සහ හැලප නිසා.. මගෙ නමින් කමෙන්ට් කලාමයි... මාතලන් ස්ටයිල් එකෙන් දෙන්න කියන්නයි මම මේකෙ කමෙන්ට් කලේ

      Delete
  6. Asiri hospital Dental doctor ‘sex Kumaraya’ explores contours of female patient while examining the tooth !

    (Lanka-e-news - 04.Aug.2017, 8.35 PM) A young patient (female) who visited Asiri hospital , a private popular hospital in Colombo for dental care was sexually molested by a dental doctor of the hospital while giving dental treatment. She had complained to the hospital officials that she was molested. The name of the dental doctor is Kumara Kaluarachchi (photo herein) .

    Ms. Priyanthi Jayasinghe a relative of the victim had made written complaints to the Director, Asiri hospital , Sri Lanka (SL) Dental association and SL Medical Council in this connection (a copy of the complaint sent to Lanka e news is published herein) .

    It is reported that this Dr. Kumara Kaluarachchi (Athavara Kumaraya) has been involved in such molestation in the past too ,and the victims in those instances have been young female patients . Because of this doctor rascal’s sex starvation and misconduct , his legal wife had left him and gone abroad.

    Dearth of doctors in SL notwithstanding , steps must be taken by authorities to sack such scoundrels from their posts as well as cancel their licenses so that the lofty profession’s dignity can be safeguarded. In addition they must be taught an unforgettable lesson by recovering from them the monies of the tax payers spent on these shameless two legged tie coat animals to provide them free education in the medical Colleges of the government.

    It is because these doctors are pampered at public expense they do not know the worth of the public and the care they should lavish on patients. They are like over indulged pigs and Swines living only to gratify their lust , or their selfish self serving interests even staging heartless strikes on the slightest pretext compromising professional dignity and their duties to the detriment of the entire country

    ReplyDelete
    Replies
    1. Ms. Priyanthi Jayasinghe a relative of the victim .... why isn't she complaining to the sri lankan police? they have a special department that handles these type of harassment cases. If she did that, then we can believe that it is a serious case. otherwise we won't think about kangaroo court judgments. thanks take care buddy

      Delete
  7. කොයි රටකටවත් යටත්වෙලා හිටියා කියලා අපිට ලැබෙන සෙතක් ගැන හිතන්න එපා. සුද්දො මේ රටේ තවදුරටත් හිටියනං උං කරන්නෙ අපේ රට ගොඩදාන එක නෙවෙයි. අපෙන් අරං උන් ගොඩනැගෙන එක. සමහර විට අපේ රට උංගෙ කුණු බක්කිය හැටියට පාවිච්චි කරන්න තිබුණා.

    ඒ වගේම තමයි මාතේ රටේ දෙපැත්තෙ තියෙන ඉතා වටිනා දේවල් දෙකක් බලවත් රටවල් දෙකකට ලබාදීමත් එතරං හොඳ දෙයක් නෙවෙයි. ඉන්දියාව තෙල් ටැංකි ටිකෙං සෑහීමට පත්වෙන්නෑ. උන්ට වරායත් ඕනවෙනව. උන්ට ඒක දුන්නොත් චීනට තව මොනව හරි ඕන වෙනව. ආසියාවෙ ලොක්කො දෙන්නෙක් මේ රටේ කොං දෙකක ඉඳං ආර්ථිකේ ඩිංගෙං ඩිංග අල්ලං ඇවිල්ලා අන්තිමට ඇවිලෙන දවසක් එනව. එහෙමත් නැත්තං උන් ඉල්ලන දේ අපිට දෙන්න බැරි දවසක් වෙනව. අන්න එදාට අපිට මෝරුන්ට මැදිවෙලා තැලෙන්න වෙනව.

    අවසානෙට කිව්වොත් කොයි රටක්වත් අපිට ආදරේ නෑ. අපේ දේශපාලනඥයොත් රටට ආදරේ නෑ. හැබැයි අපේ රටේ මිනිස්සු කා කොටා වැටුනත් තමුංගෙම සමාජෙ මිනිස්සුන්ට ආදරෙයි. වැරදුනහම උදව් කරනව. ආං ඒ හංදා මම නං කියන්නෙ ඔය කිසිම දෙයක් පිට නොදී මේ රටේම ඉන්න ව්‍යවසායකයින්ට දෙන එක තමයි හොඳ. එහෙම පුළුවං මිනිස්සු මේ රටේ ඉන්නව.

    ReplyDelete
    Replies
    1. මේ රටේ කවුද ඉන්නේ ව්‍යාසායකයෙක් වරාය අරං කරන්න පුළුවන්? හම්බන්තොට වරාය ගැන තේරෙන්න කිව්වොත් මෙහෙමයි. මේකේ ආදායම ලක්ෂ තුනයි නම්, මාසෙකට නය ගෙවන්න යනවා ලක්ෂ 3000 ක්. කවුද එහෙම බිස්නස් එකක් අතගහන්නේ. චීනාට නැව් තියෙන නිසා ඌට ඒක වැදගත්.

      සිංහල පත්තර වැල යන හෑලි නෙමෙයි පොඩ්ඩක් ඉංග්‍රීසි පත්තරයක යන විස්තර කියවලා බලන්න. ආසියාවේ, ලෝකේ ආර්ථිකය, නැව් ගමනා ගමනය, වරාය ලෝකේ නැව් ගමනා ගමනය මෙහෙවන ලොකුම කොම්පැනි තුනේ ධාරිතාව අයිති කාටද, අන්න ඒ ගැන පොඩ්ඩක් කියවලා බලන්න.

      Delete


    2. අපේ රටෙන් සුද්දට ඇට දෙක තමයි ගන්න තියෙන්නේ.. මුළු කඳුරටම ජීවත් වෙන්නේ සුද්දා හඳුන්වා දුන් වැවිලි ආර්ථිකය නිසා.. සුරන්ගලා ඉන්නේ ළිං ඇතුලේ... අඩුම ගානේ ඇමරිකාව, සිංගප්පූරුව, චීනය හා මැද පෙරදිග රටවල් ගැන හදාරන්න.. නිකං ලේ පිපාසිත යක්ෂයින් හා නයි අරින නාගයින්ගේ බයිලා වලට තව දුරටත් රැවටෙන්න එපා... ඉදිරියේදී ඒ ගැන තව ලියන්නම්...

      අව්සානයට ඇති කොටසෙම් ඔබ රට හා ලෝකය ගැන දන්නා තරම හොඳින් වටහා ගත් හැක..

      Delete
    3. සුද්ද හදලා දුන්නු වතු ආර්ථිකෙන් ජීවත් වෙන්න ගියානං කඳුකරේ දෙමළ මිනිස්සු හිඟන්නො වෙලා. දැං මිනිස්සු වතුවල ජීවත් උනාට උන්ගෙ ප්‍රදාන ආදායම වත්තෙ රස්සාව නෙවෙයි. වතුවල ජීවත්වෙන මගෙ යාළුවො පනහක් හැටක් ඉන්නව. උං ජීවත් වෙන හැටි දැකල, උන්ගෙ විස්තර දැනගෙනයි මෙව්වා ලියන්නෙ. කාගෙවත් නයි ඇරිලි වලට අහුවෙලා නෙවෙයි. ලංකාවේ උඩරට වතු ආර්ථිකය ෆේල් බං. දැං වතුවල දෙමළ මිනිස්සු ජීවත් වෙන්නේ වෙනිං රස්සා වලිං. වත්ත උන්ගෙ ගම විතරයි.

      Delete
    4. හා... ඔහෙත් වත්තේ තේ වවලා තියෙන්නේ එක නිසා වෙන්න ඇති...

      Delete
    5. මට තේ වත්තක් තියා පොලවෙං අඟලක්වත් නෑ.

      Delete
    6. අනේ මන්දා උඹ ඉන්න තැන පොටෝ වල නම් තේ තමයි තිබුනේ...

      උඹ කියන කතාවත් මම පිලිගන්නවා.. වැවිලි කර්මාන්තය මේ රටට ගැලපෙන්නේ නෑ කියලා මම කියන්නේ අද ඊයේ නෙමෙයි.. අද බුලත් ගම්මිරිස් වලටත් තැනක් ඇත්තේ නෑ... අපේ හරක් හිතුවේ අපිට විතරයි ඔය වගාවල් තියෙන්නේ කියලා... ඒත් අද තේරිලා තියෙනවා ලෝකේ වෙනින් රටවලත් ඕවා තියෙනවා.. ඒවා මීට වඩා මාර ලාබයි.. ගන්න මිනිහා ගන්නේ ලාබ දේ කියන එක.. මෙහේ ගෙවතු වගාවට කරන ඒවා වෙන රටවල මහා පරිමාන ගිවිපල වශයෙන් කරන්නේ.. ඉතින් ඒක ලාබදායි.. මෙහේ ආන්ඩුවලට ඒ වගේ කරන්න බෑ... ජනසතු කරපු වතු ඔක්කෝම විනාශ වෙලා ගියේ ඒ නිසා... මෙතනදි කරන්න ඕන ගොවීන් සමූහ වශයෙන් එක්වෙලා මහා පරිමානයෙන් වගා කරන එක.. නමුත් අපේ උන් තුල ඒ හැදියාව ඇත්තෙත් නෑ... අර නාමල් කරුණාරත්න වගේ හරක් ඒ වගේ දේවල් මිනිස්සුන්ට කියලා දෙන්නේත් නෑ... උන් ඒවා දන්නෙත් නෑ...

      වැවිලි කර්මාන්තයට කෙල වෙලා කියන දේ උඹම පිලිගන්න එක බොහෝම අගෙයි..

      Delete
  8. මෙහෙමයි මාතා ශ්‍රී ලංකාව ලෝකෙට ඩොලර් බිලියන 78ක් නයයි මේ වරාය විකුණුවොත් ඩොලර් බිලියන 1 ලැබෙනවා එතකොට තව ඩොලර් බිලියන 77 ණය තියනවා. (තවම ආණ්ඩුව කියන්නේ නෑ මේ මුදල ණය ගෙවන්න යොදවනවා කියල )

    මේ වරාය තෙල් පිරිපහදුවක් හැදුවනම් උපයන්න පුළුවං දල මුදල ගැන ඔබට සරල උදාහරණයක් දෙන්න පුළුවනි
    සිංගප්පුරුවේ දලදේශීය නිෂ්පාදිතය 297 billion USD (2016) වෙනවා මේයින් ඔවුන් 7% ලබන්නේ එකියන්නේ ඩොලර් බිලියන 20.79 ක් ලැබෙන්නේ ඔවුන්ගේ වරායෙන්.

    දැන් ශ්‍රී ලංකාව කියන්නේ චිනට හෙක්ය්ටයාර් 15000 දෙනබවයි මුළු සින්ගප්පුරුවම 71910 වෙනවා එකියන්නේ සින්ගප්පුරුවෙන් 1/6 චිනට දෙනවා වගේ වැඩක් තමයි වෙන්නේ.

    මම නම් දකින්නේ මෙරටේ අත්‍යවශය වැඩ කියපක් හැරුනම සියලුම අනෙක් වැඩ නතර කරලා රජයේ මුළු වියදමින් මේ වරාය ඉවර කලානම් වසර 2ක් යන විට රටට විශාල ප්‍රතිලාබ ගන්න පුළුවන්.

    මේවට ඉතාම කාර්යක්ෂම පිරිස් යොදවන්න වෙනවා, උවමනාව තියනවනම් කරන්න පුළුවන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ගැන පොඩ්ඩක් හිතල බලන්න

    ReplyDelete
    Replies
    1. This is the link http://www.channelnewsasia.com/news/business/how-singapore-s-port-helped-change-the-country-s-economy-8261532

      Delete
    2. උඹගේ සමහර අදහස් හොඳයි... ඒත් මේ රටේ උන් එක්කාසු වෙලා රජය යටතේ දියුණු කරපු එක ආයතනයක් මට පෙන්නපන්. ආයතනේ දියුණු වීම කෙසේ වෙතත්, ඒවට පත් වෙච්චි උන් නම් සිංගප්පූරුවේ බිස්නස් කරන උන් තරමටම දියුණු වෙලා නම් තියෙනවා...

      Delete
    3. මාතා,

      රජය යටතේම දියුණු කරන්න බැරිනම් රටේ පුද්ගලික අංශය පරිපාලනය හවුල් කරගෙන කරන්න පුළුවන් ඇයි ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ?
      රජය යටතේම මේක කරන්න ඕනේ නම් රටේ නාවික හමුදාවට පරිපාලනය බාර දුන්න නම් එත් කරන්න පුලුවන්.

      Delete
    4. මම දන්නේ නෑ උඹගේ තර්ක ගැන.... නමුත් හමුදා පාලනයකයට නම් මාතලන් කිසි සේත්ම කැමති නෑ... හමුදා පාලනය හා සමාන සිවිල් පාලනයක් තමයි තිබිය යුත්තේ... කොටින්ම මේ රටේ කිසිම තැනක (පෞද්ගලික අංශයේ පවා) මූල්‍ය විනයක් ඇත්තේ නෑ.. ඔය ඔඩිට් ෆර්ම් වල වැඩ කරන උන්ගෙන් අහපන් බොරුද කියලා... ඔක්කෝම අමු හොරු...

      අනික මේ තරම් ආයෝජනයක් අපි යෙදුවා කියමුකෝ.. එතකොට ඉතිරිය ගැන...

      ලෝකයා හා එක්ව ගමනක් යන්න බැරි නම්, අපිට නන්න පෝල් තමයි වෙන්නේ...

      Delete
  9. එකඟයි. ඒත් චීනා ආපහු එන්න කලින් ගියාද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නෑ... මහින්දටත් සම්තින් එකක් දෙන්න ඇති... ඒකයි මේ සැරේ එයා සද්ද නැත්තේ...

      උන් නාවොත් නම් ඉතින් අබ සරණම තමයි ඉයන් මහත්තයෝ...

      Delete
    2. ඇත්තටම ඉයන් ඔබගේ ප්‍රියතම ගීතය "කඳුල නිවන්නම් නෙත නොතෙමනවානම්" ද?

      Delete
    3. ඉයන් මහත්තයෝ,

      http://www.elakiri.com/forum/showthread.php?p=22044654

      ඔබට සතුටුයි ද දැන්?

      Delete
  10. මාතලන්ගේ ඔලුව කැරකිලා යන කතන්දරයක් කියෙව්වෙ කාලෙකට පස්සෙ. බොරුවට වර්ණනා කරන්න නං බෑ. මට දිරෙව්වෙ නෑ සමහර දේවල් දෙක තුනක් ඇර අනික් මෝඩ කතා ටික. සාමාන්‍යයෙන් අපි නං ජාතියේ පියා කියල විජයව සලකන්නෙ නෑ. විජයගෙන් සිංහල ජාතිය පැවතෙනව යැයි කියල කතාවක් තියෙන එක වෙනම කතාවක්. දොන් ස්ටීවන් සේනානායකව සමහරු ජාතියේ පිය විදියට සැලකුවත් මං නං එකටත් එකඟ නෑ..

    අනිත් එක යූ.ඇන්.පී. ය පට්ට සංවර්ධනයක් කරද්දී බණ්ඩාරනායක මැද්දට පැනල ඒක නැවත්තුවය කියන කතාවත් මෝඩ 'අලියෙකුගේ' මෝඩ කතාවක් මිසක් වෙන මුකුත් නෙමෙයි. ( මාතලන් කාලෙකට රනිල්ට කඩේ යනවනේ ඉතින් මාර ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්ය කියා කියා. ආයෙත් කාලෙකට බනිනවා පිස්සුවෙන් වගේ ) එ.ජා.පෙ. ය 56 ට කලින් ඔහොම සංවර්ධනයක් කරගෙන ආපු බවක් නං අපි අහල නෑ. හැබැයි සංවර්ධනයක් නොකලය කියන්න බෑ. ඩී.ඇස් මහත්තයාගේ ගොවි ජනපද ව්‍යාපාර, ඩඩ්ලි මහත්තයගෙ වගා සංග්‍රාම වගේ දේවල් වලට හරි ගෞරවේ දෙන්නත් අපි පහුබට වෙන්නෙ නෑ.

    අනිත් එක මාතෙ මිනිහෙක්ගෙ ගෝත්‍රික කම මනින්නෙ ඇඳුමෙන් නෙමෙයි පපුවෙන්. මහින්දයි මෛත්‍රීයි ගෝත්‍රිකයි කියල උඹ කිව්ව කතාව ඇත්තම ඇත්ත. හැබැයි උන් එහෙම වෙන්නෙ ඇඳුමෙන් නෙමෙයි. හිට්ලර් ඇන්දෙත් ෆුල්සූට් නේ බං.

    චීනාගමනය ගැන නං කියන්න මට ලොකු දැනුමක් නෑ .. හැබැයි ඔය ලොකු අයියලත් එක්ක දාන ඩීල් කවදාවත් හරියන්නෙ නෑ කියලයි මට නං හිතෙන්නෙ. උන් ලංකාවට එන්නෙ අපේ වාසියට නෙමෙයිනෙ. ඒ වගේම උන්ට වඩා අපිට වාසියක් සලසා ගන්න තරං බලයක්වත් දැනුමක්වත් කපටිකමක්වත් අපිට නෑ. අනේ මන්ද!

    ReplyDelete
    Replies
    1. රනිල් ගැන මෙන්ම අනික් අය ගැන කියන කතාත් ඇත්ත... මිනිස්සුන්ට තේරෙන්නේ නෑ හැම මිනිහෙක් තුලම හොඳ වගේම නරක දේත් තියෙනවා කියන දේ... ඉතින් මම මහින්දගේ හොඳ කියන කොට මම මහින්දගේ එකෙක්, රනිල්ගේ හතුරෙක්. රනිල්ගේ හොඳ කියන කොට ගූ ටෝයියෙක්. බයි විරෝධියෙක්. ජෙප්පන්ට ඡන්දේ දෙන්න කියන කොට මාතලන් ජෙප්පෙක්. අනුරගේ පුත ඇපිට් යන එක ලිව්වාම මාතලන් මරලා දාන්න ඕන කාළකන්නියෙක්.. ඒකට හේතුව එක එකාට කඩේ යන්න රෙජිස්ටර් වෙලා ඉන්න එක.. චීනා නෙමෙයි මොකා උනත් බිසිනොස් කරන්නේ චැරිටි වලට නෙමෙයි ලාබ ලබන්න.. නමුත් ජේ ආරුත් ඔහොම හිතුවා නම් ෆ්‍රී ට්‍රේඩ් සෝන් කියන ඒවා මෙහේ නෑ.. ගාමන්ට් ෆැක්ටරිත් නෑ... තේ පොල් රබරුත් ඉඅවර නිසා අපිට තියෙන්නේ ගෑණූ අරාබින්ට දීලා පස් වරක් පහ විසි පහයි කියලා ගල් භාගාක් ගහලා හන්දියේ පිරිත් කියන පීකරේට වැඳලා නිදා ගන්න තමයි...

      Delete
    2. උඹට අර්ථික විද්‍යා උපාධියක් දෙනවා මට පුළුවන් නම්.

      Delete
    3. හප්පේ එපා.... එතකොට මමත් බන්දුල වගේ වෙයි හිටන්... :)

      Delete
    4. //උඹට අර්ථික විද්‍යා උපාධියක් දෙනවා මට පුළුවන් නම්.//

      You can Ian, just award a honarary doctorate to him through Lanka-e-news as you guys did to Dr. Kumar K. :D

      Delete
    5. ඉයන් ඔබ එන තුරු ඇ සමාදානයේ බලාසිටි ....ඔබට සුභ ගමන්

      Delete
    6. ඉයන් ආතේ,

      ගොන් බබා පාට් කියල හරියන්නෙ නැහැ ඉයන්, කුමාර කළුආරච්චිට විරුද්ධව පොලිසියෙ කම්ප්ලේන් එකක් දාල නඩුවක් දාල මේ චෝදනා ඔප්පු කර නිසි දඬුවම් දෙන්න.

      බොරුවට "බල්ලො #කන්නයි අපි ගුටි කන්නයි" කියල බොරු බබා හුකුන් දාන්න එපා, අනේ හුකේ නන්නානේ, මොත්තේ හොඳම එක... අපි නොදන්න චෙස් ! හික්ස්

      මම දන්නේනෑ මොනවා ලියන්නද කියල ඉයන් තුමා... මට මතකත් නෑ... මතක ඤෑ අප්පා...

      Delete
    7. ඉයන්
      සාරස යි නෙලුම්යායේ උඹයි ඉනිවුස් එකයි ප්‍රියන්ති ජයසිංහයි, ඔය බලුපුට්ටු ප්‍රශ්නේ විසන්ද ගනින්.
      හැබැයි උඹ ඇනොගේ සුවර්ගේ සැතපිලා ඉන්න XXX ටෞකන්න ඇඩ්වාන්ස් සල්ලි ගත්ත එකටනම් කෑමක් කන්න වෙයි වගේ.කවදා වෙයිද දන්නේ නෑ පොලිස් පටෙකවත් දාලා බලාපන්
      බැරිවෙලාවත් ෆුල් ෆේස් හෙල්මට් කාරයක්/ දෙන්නෙක් බැලුවොත් දුවපන් ආත බූත කඩාගෙන නැතිනම් පොලොව පලාගෙන් හරි හැන්ගියන්. ආවා ගෘප් එකේ එවුන් දැන් රට වටේම ඉන්නව.
      අනේ ලොක්කා උඹට සුභ ගමන් .... මෙච්චර කාලෙකට වෙච්ච නුන දේවලුත් වෙයි වගේ
      යහ පාලනයෙන් රටකට ගිය කලක්

      අනික IP ඇඩ්රස් හොයාගෙන මගේ පස්සේ දිව්වට වෙන ලබ්බක් වෙන එකක් නැ පරිස්සමෙන් හැන්දල් කරපන්

      Delete
  11. ගහෙන් වැටිච්ච වැල ගෙඩියට කපුටො වහල ඉවක් බවක් නැතුව කොටන්න ගත්ත වගේ දෙයක් තමයි, සුද්ද දාල ගිය මේ රටටත් වුනේ. දැකල ඇතිනෙ වැල ගෙඩියට වහපු කපුටො හැසිරෙන විධිය. හැම කපුටම බලන්නෙ වැඩි කොටසක් කන්න. ඒත් වැඩියේ කන්න හදන එකාට එනිත් එවුන් කොටල පන්නන්න ට්‍රයි කරනවා. මේ වැල ගෙඩිය නියම මජර කපුටන් අතට යන්න පටන් ගත්තේ 56 න් පස්සේ.

    මාතා කිව්වා වගේ සුද්ද දාල නොගිය නම් රට මේ විධියට නන්නත්තාර වෙන්නේ නෑ.

    කොහොමත් වරාය, ගුවන් තොට හා විදුලි බලාගාර වගේ ආර්ථික මර්මස්ථාන, රටට ජනතාවට බරක් නිවී ලාභදායිව පවත්වාගෙන යන්න නම්, අනිවාර්යයෙන්ම ඒ පිලිබඳ විශේෂඥ දැනුමක් හා හැකියාවක් ඇති විදේශීය සමාගම් වලට පවරන්න ඕනෙ. එහෙම නැතුව, මේවා රජයේ සංස්ථා හා මණ්ඩල විධියට පවත්වාගෙන යාමේදී ඒවා බාර දෙන ඇමතියො අමු මීහරක් වෙන අතරෙ, එම ආයතන පාලනයට පත්කරන්නෙ, ඒ බිළිබඳ විශේෂඥ දැනුමක් වෘත්තිකයන් නෙවෙයි, ගොං ඇමතියට හිතවත් අමු මැට්ටෝ.

    හොඳම උදාහරණ තමයි, මහින්දයා, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති කමට, ඕලෙවල්වත් පාස් නැති උගේ මස්සිනාව පත් කිරීම හා ග්‍රාම සේවක/ලිච්චවී යහ පාලනය යටතේ වරාය අධිකාරියේ සභාපති කමට තක්කඩි ඇමතියාගේ මල්ලී වූ ඕලෙවල්වත් පාස් නැති උගේ මලයව පත්කිරීම. දැන් අයිය විදුලි බල ඇමති වුනාම, ඒ මී වස්සවම විදුලි බල මණ්ඩලේ සභාපති කරලා තියෙනවා.

    ළිං මැඩි ජෙප්පොයි, මලබද්දේ අපතයොයි ඉන්නකං පාඩු ලබන ආයතන දේශීය වශයෙන් පෞගලීකරණය කරන්න දෙන්නේ නෑ කවදාවත්. උන්ගේ ත්‍රස්ත ක්‍රියාවන් දැක්කම සිහිකල්පනාව තියෙන දේශීය ව්‍යවසායකයෙක් මේවට අතදාන්නේත් නෑ.

    ඒ නිසා හොඳම දේ තමයි පාඩු ලබන සියලුම රජයේ ව්‍යවසායන්, හම්බන්තොට වරාය වගේ චීනට හෝ යුරෝපීය සමාගම් වලට බද්දට දීල, දුප්පත් රටවැසියන්ව මේ දරාගන්න බැරි නය උගුලෙන් ගලවා ගන්න එක.

    ReplyDelete
    Replies
    1. දැන් හැම එකාම පිලිඅරගෙන තියෙනවා ඕපන් ඉකොනමිවලින් එහා විසඳුමක් නැතෙයි කියන එක..

      කරුමේ කියන්නේ ඉකොනමි එක ඕපන් කරන්නේ නැති එක...

      Delete
    2. වරායේ හිටපු සභාපති ප්රියත් බංදු ගහපු ගැහිල්ල නම් සුපිරිම ගැහිල්ලක් . නඩුත් නෑ !

      Delete
  12. හැබැයි මේ කතාව නං හරියටම hari

    ReplyDelete
    Replies
    1. මාතලන් බොරු කියනවා බොහෝ අඩුය :)

      Delete
  13. මටනම් පේන්නේ මේ පාර බැඳුම්කර කොමිසම අවංකව වැඩ කරනවා වගේ...ඒකනේ රවි මහත්තැන්ට කට උත්තර නැතිවෙන්නම දෙන්නේ...පිටුම 8600 ක්ලු...අපෙ අම්මෝ එච්චර විස්තර රැස් කොරන්න කොච්චර නම් මගඩි තියෙන්නෙ ඇද්ද...

    අසංක

    ReplyDelete
    Replies
    1. රවීට වෙච්චි දේ මහින්ද අගේට පැහැදිලි කළේ...

      Delete
  14. සුද්දන්ගෙන් නිදහස ගන්න හුඟක්ම ඕන වුනෙත්, ඇත්තෙන්ම නිදහසක් ( හා අසීමිත බලයක් ) ලැබුනෙත් මේ රටේ දේශපාලකයින්ට. සාමාන්‍ය ජනතාවට නෙමෙයි.
    සාමාන්‍ය ජනතාවට ඉංග්‍රීසි දැනුම, පොදු අධ්‍යාපනය, ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාවය ගැන 1948 වඩා දැනුමක් ලැබිලා තව අවු 20ක් විතර පස්සෙ නිදහස ලැබුණනම් රට හා සමාජය සෑහෙන්න දියුනු වෙන්න චාන්ස් එකක් තිබුනා

    ReplyDelete
    Replies
    1. ඇත්තටම උන්ට ඕන උනෙත් නෑ... ඔය වමේ ගොබ්බයන්ට ඇර..

      කරුමෙට උන්ට ඉන්දියාව දාලා යන්න උනා නේ

      Delete
  15. සුද්දෝ හිටියනං හොඳයි නේද මාතේ! අපි නම් තාමත් උන්ටමයි වැඩ :)

    ReplyDelete
    Replies
    1. උඹලා සුද්දන්ට වැඩ

      බහුතරය අරාබින්ට වැඩ

      Delete
  16. ඊස් ඇට් ඔලුව කැරකෙමින්.. ඉතුරු ටිකත් ලියපම්..

    ReplyDelete
    Replies
    1. වෙලාව තමයි ප්‍රශ්ණය

      Delete
  17. මාතලන් වෙත
    එල එල කුමාර කලුආරච්චි ගෙරි කාඩ හොරිකඩ මරාගෙ අසූචි බුදින පරබල්ලාව නැත්තටම නැතිකරල දාමු. ඕකව දැනටමත් ආසිරි එකෙන් එලෝලා, මූට කොහේවත් රස්සාවක් කරන්න බැරි වෙන විදිහට වැඩේ දීල ඕකට පාරෙත් බැහැල යන්න බැරි තැනට වැඩේ දෙමු. මම මරික්කාර් මන්ත්‍රීතුමාට පුද්ගලිකව කතා කරල ඕකට කොළොන්නාවෙ ඉන්න බැරි තත්වයක් උදා කරන්නම්. ඊට පස්සෙ රටෙත් ඉන්න බැරි තැනට ගේම දෙනවා, අන්තිමට ඔය වල් පරයට රටිනුත් යන්න වෙන බවට මෙන්න කැට.

    හැබැයි එතනිනුත් අපි නවතින්නෙ නැහැ. ඕකට පිටරටකවත් සැනසීමෙන් ඉන්න දෙන්නෙ නැහැ, වල් පාහර බැල්ලිගෙ පුතා, ඕකට ඌකේ/ යුරෝප් යන්න බැරි තැනට අජිත් ධර්මකීර්තියි, චන්දිම විතානච්චියි වගබලාගනී. කැනඩා යන්න හැදුවොත් දොස්තර රුවන් ගානට වැඩේ දෙයි. ඔසී යන්න හැඩුවොත් රසික මූ ගැන බලාගන්නවනේ. වල් පරය හිතුව මදි අපි එක්ක හැප්පෙන්න, බ්ලොග් එකෙන් ආණ්ඩු පෙරලන්න, මුගෙ අම්මට, පර බල්ල.

    ඉයන් බලකාය

    ReplyDelete
  18. ඔරිජිනල් මාතලන් ඉට්ටැයිල්..

    ReplyDelete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න