.

.

Feb 24, 2018

ශ්‍රී දේවී හා කූඹියෝ - Sri Devi & Koobiyoe




ශ්‍රී දේවී
******

ශ්‍රී දේවී මැරිලය කියලා
දෙරණේ ඇස් ඇම් ඇස් එක මට එව්වේ අපේ හාමිනේ.
(මයේ අම්මපා.. බොරුවක් නම් එයැයිගෙන් අහපන්..)
එයා දන්නවා මම ශ්‍රී දේවිට කොච්චර ආදරේ කොලාද කියලා හිටන්
ඒත් එයා අර මූසලයා එක්ක ගියාම මම එයාගෙන අයින් උනා
ඊට පස්සෙ රවීනා තන්දන් එක්ක පොඩි කාළයක්
පොඩි සම්බන්ධ්යක් තිබුනා
ඒ අතරේ තමයි කාජල් මුන ගැහුනේ
එයා එක්ක යාලු වෙනවට මනීෂා කොයිරාල කොහොමත් කැමති උනේ නෑ
ඊට පස්සෙ ලව් කළේ කාජල්ට
මේ සම්බන්ධය අපේ හාමිනා පවා දන්නවා
දැන් නම් ඉතින් තියෙන්නේ වෙනත් සබදතා
ඒ ගැන කියන්න ඕනා නෑ නේ
ඉතින් 
ගතින් එක් නූනත් සිතින් මා පෙම් කල පිස්සු පීකුදු හුරතල් කෙල්ලේ
සුභ ගමන්...!!!


-------------------------------------------------------

කූඹියෝ අවසානය ගැන මගේ අදහස
************************************
(කූඹියන්ට සම්බන්ධ කෙනෙක් කූඹියන්ගේ අවසානය ගැන අදහස් දක්වන්න කියලා සත් ගුණවත් මහා ගත්කරු හැන්රි වර්ණකුලසූරිය තරුණ උපාසක මහතා කර තිබූ ඉල්ලීමකට අනුව දැමූ කොමෙන්ටුවකී)

මම කූඹියන්ට සම්බන්ධයි.. 
අද අපේ ආයතනයේ පෙස්ට් කොන්ට්‍රෝල් දිනය..
කුඹී ගැන මගේ මතය නම් ගොඩාක් ඈතට දිව යනවා..
එස්සෙල්ලම දැකලා තිබුනේ කළු කූඹී
අපේ තාත්තා මාතර පැත්තේ නිසා උන්ට කියන්නේ කොඬයෝ කියලා.
ඉතින් ඔය කොඬයෝ බිත්තර එහෙම උස්සගෙන යන කොට ආච්චි කියන්නේ බොහෝම වාසනාවන්තයි කියලා.
ඒත් ඉතින් තෙල් කූඹී කියලා හින්නිකිතර කූඹී ආවම නම් වාසනාව උදා වෙන්නේ උන්ට. 
අද නම් දෙන්නේ මෝර්ටීන් පාර.. ඒ කාළේ දුන්නේ්හූමිතෙල් පාර
උන්ට භූමිතෙල් පාර දුන්න නිසාද දන්නේ නෑ තෙල් කූඹී කිව්වේ
තව හිටියා නයි කූඹී කියලා සෙට් එකක්
එයාලා ටිකක් ඔය මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුවේ අය වගේ විෂයි..
ළඟින් ගියොත් ඇහැක් නෑ.. අහු උන තැන දඩ ගාලා එල්ලිලා දෙනවා පාර ආයේ හත් අවුරුද්දක් කස කස ඉන්න.
එක දවසක් ඕකුන් අපේ සීයගේ පුක කාලා තිබ්බා මොකක්ද කැත වැඩක් කොරන්නේ බැද්දට රිංගාපු වෙලාවක
එද මට, මහින්ද මහත්තයා සිරාට ඇරියා වගේම ජොලියක් ආවා
ඒ කාළේ අපේ සීයා තමයි කිව්වේ 
අනේ කූඹින්නේ 
තිපිටත් රජෙක් ඉන්නේ
රජෙක් ලැබුනෝතින්
උන් හට කවන්නම් 
උන්ට සැප දෙන්නම්
උන් හට වඳින්නම්
අපි පුක කහ කහ බලාගෙන ඉන්නම් 
කියලා
මේ නිර්මාණය සඳහා 
හන්දියේ ණෝබල් ආත්තාගෙන් සම්මණත් හම්බ උනා කියලා ගමේ වේස කොල්ලෝ ඒ කාළේ කියනවා මම අහගෙන

ඒ කොහොම උනත් කූඹියෝ නම් අවසාන වෙන්නේ නෑ..
අර නයි කූඹී කෑවා වගේ කාළයක් යනකන් ආතල් එක මතකයේ රැඳේවී

අපේ සීයත් සිරිසේන වගේම බයිලා චැම්පියන්
ඉතින් සීයා ඒ කාළේ කියපු බයිලෙකින්ම මේ සටහන අවසන් කොරන්නම්

සීනී වලට කූඹී වහලා බරියෝ බරියෝ
අපේ බයිලා අවසානයි චෙරියෝ චෙරියෝ..

(හැන් රි අයියේ මේ බයිලා ගැහිල්ල කවදා ඉවර වෙයිද දන්නෙ නෑ නේ)

විශේෂ - 

මේවා කෙටි සටහන් වගේ පේන්නේ මේවා මේ Facebook එකේ දාන ඒවා නිසා.. දැන මගේ පදිංචිය එහේ.. ඒ උනාට උපන් ගම අමතක කරන්න බෑ නේ..

26 comments:

  1. මම ආදරේ කෙරුවේ ශ්‍රී දේවිගේ නහයට

    ReplyDelete
    Replies
    1. ඇයි එකට විතරම ද ආසා?

      Delete
    2. ජගත් පතිරණට ඒ වෙලාවට ශ්‍රී දේවී ද්‍රවිඩ ගැහැනියක් බව සිතුනේ නැතිද?

      Delete
  2. //මහින්ද මහත්තයා සිරාට ඇරියා වගේම// එහෙමද මහින්ද මහත්තයාට සිරා ඇරියාද

    ReplyDelete
    Replies
    1. නෑ බං මේ ඡන්දෙන් ඇරියේ 4% ටම වැටෙන්න.. රනිල් නෙමේ ගෙදර යන්න ඕන.. සිරා

      Delete
  3. තෙල් කූඹි දිලිසෙන සුළු නිසා එහෙම කියනව වෙන්න බැරිද

    ReplyDelete
    Replies
    1. උන් පොඩි උනාම තනිකර තෙල්

      Delete
  4. ශ්‍රී දේවි නාගිනා එකේ නයාට නටද්දි නයි කූඹියෙක් කෑවයි කියනව වගේ මේක.

    ReplyDelete
  5. ගෙවල් දෙකේම පදිංචි වෙන්න පුලුවන් එකත් වාසනාවක්

    ReplyDelete
    Replies
    1. කළාතුරකින් ලැබෙන වාසනාවක්

      Delete
  6. කූඹියෝ වගේද වේයෝ? උන් කාගෙන කාගෙන ගිහින් අපිව වනසලා මෙරුන් වෙලා උනුත් වැනසෙනවා

    ReplyDelete
  7. බ්ලොග් වලින් ගොඩ යන්න දැන් බැරිනිසා ෆේස් බුක් එකෙන් හරි ගොඩ පලයන් මාතලන් බට්ටෝ

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වලින් ගොඩ ගිහින් ගොඩා.......................ක් කල් මචෝ....

      Delete
  8. අර වයසක බුවා එක්ක ගියාට පස්සෙ මමත් ශ්‍රී දේවි එක්ක තිබ්බ මෙව්ව එක අතැරලා දැම්ම බං.

    ReplyDelete
    Replies
    1. මූසලයා... මට පේන්න බෑ ඕකව...

      Delete
  9. දකුණු ඉන්දීය සම්භවයක් තියන බොහෝ දෙනෙක් හින්දි සිනමාවේ රඟපානවා රේඛා ඒ අතර ප්‍රධානයි. ශ්‍රී දෙවි කියන්නේ 80 90 දශකවල හින්දි සිනමාව අමන්දානන්දයට පත්කළ නිළියක් . එතුමියට නිවන් සුව
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. එයත් යන්නේ නිවන්ද....

      Delete
    2. ඕවට කියන්නේ විචරක මොලේ කියලා අප්පා හැටියට නොව දොනිත් සැමවිට පුකෙන් හඬ

      Delete
  10. මමනං එදා ඉඳන් අද වෙනකං නොවෙනස් ලව් එක ප්‍රීති සින්ටා ට

    ReplyDelete
    Replies
    1. අන්න නිකැලල් අවංක ප්‍රේමය...
      අපි වගේ වල් වනචර නැති මිනිස්සු

      Delete

කැඩපත් පවුර.....

මොනව හරි කුරුටු ගාලා යන්න